සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

උද්ඝෝෂකයින් පවසා සිටියේ 2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බවයි.

විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බව ද සඳහන් කර සිටින උද්ඝෝෂකයින් එයට නිසි විසඳුමක් බලාපොරොත්තුව සිටින බව ද පවසා තිබේ.

කෙසේ වෙතත් උද්ඝෝෂකයින් පස්දෙනෙකුට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවූ බව සදහන්.

Exit mobile version