විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනයට ලක් කළ අසූ හැවිරිදි පුද්ගලයෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හම්බන්තොට,ගොන්නොරුව ,මහහැඩිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපයෝජනයට ලක්වූ පහළොස් හැවිරිදි දැරියගේ නිවසට යාබදව මෙම සැකකරු පදිංචිව සිටින අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදී මෙම සැකකරු විසින් බලහත්කාරයෙන් දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට විමර්ශණ වලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද(08) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.
