සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කළුහත් නදීෂ් කුමාර ආබෲ නොහොත් බබා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (29) අහුංගල්ල පොලිස් වසමේ මරදාන ,අහුංගල්ල නිවසේ සිදු කළ වැටලීමකදී ජර්මනියේ නිෂ්පාදිත නවීන 08mm මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්,එම පතොරම් ගැබ් 01 සහ හෙරෝයින් ග්‍රෑම් 50ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
එම සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරු අහුංගල්ල පොලිසිය වෙත භාර දී ඇති බව සදහන්.
