රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 202ක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ – දළුගම ප්‍රදේශයේදී බස්නාහිර පළාත – උතුර අපරාධ විමර්ශණ කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු 22 හැවිරිදි වැල්ලම්පිටිය – කොටුවිල ,කැළණි නදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු දිප්පිටිගොඩ කල්ප තරංග නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතම ගෝලයෙකු බවයි.
