“පරෙවි සුදා” ගේ ගෝලයෙකු අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන , ඩුබායි රටේ සිටින ,” පරෙවි සුදා “ ගේ ප්‍රධාන ගෝලයෙකු ඩුබායිවලට පලා යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු සන්තකයේ තිබී සැබෑ නම වෙනුවට ව්‍යාජ නමක් යොදා සකස් කෙරුණු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ද සොයා ගැනුණු බව සදහන් . එමෙන්ම  “පරෙවි සුදා” නැමැත්තා මෙම සැකකරුව ඩුබායි රටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

Exit mobile version