ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ .
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කර ඇති බව සඳහන් .
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට දකුණු කොරියාව විසින් ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙන බවයි .
එමෙන්ම ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීමට ද මෙහිදී අවධානය යොමු ව තිබෙන බව වාර්තා වේ .
