ලිපියක්ද ලියා ජීවිතයෙන් සමුගත් වෛද්‍යවරයෙක්.

මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය සදහන් කළේ වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ (03)මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි.

42 හැවිරිදි මෙම වෛද්‍යවරයා තමාගේ මරණය සම්බන්ධයෙන් කිසිවෙකු සැක නොකරන ලෙසට ලියන ලද ලිපියක්ද සොයා ගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර ඇති අතර එහිදී මෙය ගෙළ වැළලාගෙන සිදු කරගත් සිය දිවි හානි කර ගැනීමක් බවට සනාථ වී තිබේ.

Exit mobile version