මාතර ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක්.

මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියන් ලෙස සේවය කළ 67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස‍ ඝාතනය කර ඇති බවයි .

වාර්තා වන ආකාරයට නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන් සමඟ එක්ව සිදුකළ සොයාබැලීමක දී මෙහෙකාරියන් භාවිත කරන නානකාමරය තුළ හා වැසිකිළිය තුළ තිබී ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේ දී අල්මාරියක් තුළ තිබූ රත්‍රං නොවන වළලු 12ක්, මාල 2ක්, රන් පැහැති හැඳි 1ක් සහ විදේශ මුදල් කාසි 39ක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අදාළ දේපළ සොයාගෙන තිබේ .

Exit mobile version