මත්පැන් සාදය මරණයකින් කෙළවර වේ.

මිතුරන් පිරිසක් එක්වී ඊයේ (12) රාත්‍රියේ පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක් වී මෙම මත්පැන් සාදය පවත්වා ඇති බව සදහන්.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කැවේටර් රියදුරෙකු ලෙස සේවය කළ පී.නිරෝෂන් චන්දිම නැමැති 39 හැවිරිදි එක්දරු පියෙකි.

මොරගහහේන පොලිසිය සදහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදා සෙබළෙකු ආයුධත් සමග අත්අඩංගුවට ගත් බවයි.

Exit mobile version