දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට .

ඇල්පිටිය ,අලිකෑහේන ගල්වල අසල දිය නෑමට ගිය පුද්ගලයෙක් පසුගිය 11 වනදා දියේ ගිලී අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 51ක ඉගල්කන්ද වත්ත,ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයාගේ මළසිරුර ඊයේ (12) ඇලිකෑහේන ගල්වල මත පාවෙමින් සිටියදී සොයාගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුරටත් විමර්ශණ සිදු කර තිබේ.

Exit mobile version