ඖෂධ විෂ වීමක් හේතුවෙන් රත්නපුර , හුණුවල , මොරතොට ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියකගේ දෙනෙත් අන්ධ වී ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මෙම දැරියට උණ රෝගය වැළඳී ඊට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ඖෂධ ලබා ගෙන තිබේ. එහිදී ආසාදනයකට ලක් වූ මෙම දැරියගේ මුළු ශරීරය පුරා තුවාල හට ගෙන තිබේ. අනතුරුව අදාළ වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන ගිය පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැරියට සරම්ප රෝගය වැළඳී ඇති බවයි .
නමුත් සුවයක් නොලද මෙම දැරිය රත්නපුර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පසුව ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්‍යා ළමා රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
නමුත් මෙම වර්ෂයේ අප්‍රේල් මස 6 වැනිදා පටන් පුංචි දැරියගේ දෙනෙත් නොපෙනී , ශරීරය පුරා තුවාල හට ගෙන තිබෙන බව වාර්තා වේ .
දැරියගේ මව්පියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර දරුවාට සහනයක් ලබා දෙන ලෙසයි.
අදාළ දැරිය රත්නපුර , හුණුවල , මොරතොට ප්‍රදේශයේ පදිංචි නමින් නිමන්සා සත්සරනි නම් 11 හැවිරිදි වියේ පසුවන්නියකි.
ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ දැරියකි .
