දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය තොගයක් වටලයි.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිඳු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා අද (18) කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙන බව සඳහන්.

Exit mobile version