මත්කරල් තොගයක් වටලයි.

ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මලු තුළ තිබූ හිස කෙස් වර්ණක ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා තිබී මත්කරල් 60,460ක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම මත්කරල් , හෙරෝයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයින් විකල්පයක් වශයෙන් භාවිතා කරන තහනම් ඖෂධ වර්ගයක් බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන , රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

Exit mobile version