බීමත්ව සර්පයෙක් කරේ දමා ගත් අයෙක් මරුට.

ඊයේ (17) රාත්‍රියේ මුලතිව් මාන්කුලම් කිවන්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු සාදයකට සහභාගී වී බීමතින් ආපසු නිවසට පැමිණීමේ දී මාර්ගයේ සිටි සර්පයෙකු දැක එම සර්පයාට මුගුරකින් පහර දී සර්පයා මිය ගොස් යැයි සිතා එම පුද්ගලයාගේ කරේ දමා ගෙන පැමිණි බව වාර්තා වේ.

මෙම පුද්ගලයා විසින් සර්පයා කරේ දමා ගෙන එමින් සිටිය දී ඔහුට දෂ්ඨ කර ඇති අතර මාර්ගයේ ගමන් කළ පිරිසක් විසින් ඔහු මාර්ගයේ වැටී සිටින බව දැක ඇත. පසුව අදාළ පුද්ගලයා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහල වෙත මාරු කර යවා තිබේ. නමුත් සර්ප විෂෙන් ඒ වන විටත් මෙම පුද්ගලයා මිය ගොස් සිටි බව සදහන්.

Exit mobile version