නම් දෙකක හොර වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.

වෘත්තීයෙන් ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස හඟවමින් නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු උස්වැටකෙයියාව , කොළඹ පාර ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොලිස් උපාය දූතයෙකු වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම සඳහා යොමු කර පසුව මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

එමෙන්ම ඔහු විසින් Dr,Fonseka ( MBBS ) Sri Lanka , MCS D P ( London ) ලෙස ලබා ගත් බව සඳහන් නිල මුද්‍රා දෙකක් සහ SDC Perera ( Russia ) ලෙස සඳහන් ව්‍යාජ නිල මුද්‍රාවන් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරු වෛද්‍ය වෘත්තිය සඳහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයෙකු බවත් , මීට පෙර වෛද්‍යවරයෙකු යටතේ සේවය කළ පුද්ගලයෙක් පමණක් බවත් , වසර දෙකක කාලයක් මෙලෙස රෝගීන්ට ප්‍රතිකාර ලබා දී ඇති බවත් , නම් දෙකකකින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මොහු 55 හැවිරිදි යාල කණුවන සහ කොළඹ 12 ආමර් වීදිය ස්ථීර පදිංචිකරුවෙක් වන අතර සැකකරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version