ප්‍රසිද්ධ පාසලක ප්‍රසිද්ධ ගුරුවරයෙක් දැරියක්ව අපයෝජනය කරලා.

16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ ජනප්‍රිය පාසලක සේවය කළ ගුරුවරයෙක් තිස්සමහාරාම පොලීසියෙහි ළමා හා කාන්තා කාර්‍යාංශයේ නිලධාරීන් විසින් පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයට නුදුරු පාසලකට මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරු වී පැමිණි 41 හැවිරිදි ගුරුවරයෙක් වන අතර මොහු උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙකි.

අතවරයට ලක් වූ සිසුවිය සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙන අතර ඉන් පසුව පොලිස් ස්ථානයෙහි ළමා හා කාන්තා කාර්‍යාංශයෙහි නිලධාරීන් විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සැකකාර ගුරුවරයා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version