පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් වතුර වළකට වැටිලා.

ගොතටුව IHD ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (20) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබෙන බව වාර්තා වේ .

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වතුර වලට ඇද වැටී අනතුර සිදුව තිබෙන අතර ඔවුන් අඩි 16 ක් පමණ ගැඹුරු වළකට වැටී ඇති බව සඳහන් .

මේ වන විට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇති අතර මෙම ජල නළය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම ද අත්හිටුවා තිබේ .

Exit mobile version