රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ සුදත් ප්‍රසන්න නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු හා උපාධිධාරිනිය අතර හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අතර එම හිතවත්කම් මත මෙසේ ඇය එක්කරගෙන යාමට පැමිණ ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් උපාධිධාරිනියගේ පියා සහ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
