ගැහැණු දරුවෙකුගේ මොළය තූළ නූපන් නිවුන් කලලයක්

අවුරුද්දක් පමණ වයසැති ගැහැණු දරුවෙකුගේ මොළය තුල නූපන් නිවුන් කලලයක් තැන්පත් වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වේ.

දරුවාගේ ශාරීරික ක්‍රියාකාරිත්වය මන්දගාමීවීම සහ හිස විශාල වීම හේතුවෙන් සිදු කල පර්යේෂණයකින් අනතුරුව මෙය අනාවරණය වූ අතර නිරන්තර රැධිර සැපයුම හේතුවෙන් කලලය තුල ජීවය පැවතියද වර්ධනයක් සිදු වී නොමැති අතර කලලයක් තුල කලලයක් තැන්පත් වූ දුර්ලභ අවස්ථාවක් ලෙස වෛද්‍යවරු අර්ථ දක්වනු ලැබේ.

මෙම තත්වය හටගැනීමට හේතුව වන්නේ,ශුක්‍රාණු සහ ඩිම්බ සංසේවනයකින් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන් වීමට අපොහොසත් වීම බවත් වාර්තා කරණු ලැබේ.

Exit mobile version