උපාධිදාරිනියක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට .

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ මළ සිරුරක් සිය නිවසේ තිබී හමුවී ඇති බව වාර්තා වේ .

පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් මෙලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බව සඳහන් වේ.

තරුණියගේ දෙමාපියන් වෙන්ව ජීවත්ව ඇති අතර, තරුණියගේ උපාධි ප්‍රධානෝත්සවය වෙනුවෙන් දෙමාපියන් දෙදෙනා පැමිණ සිටි බවත් , උපාධි ප්‍රධානෝත්සවයෙන් අනතුරුව දෙමාපියන් අතර යම් ආරවුලක් හටගෙන ඇති බවත් , ඉන් සිත් තැවුලට පත් තරුණිය සියදිවි නසාගෙන ඇති බවට සැක පල කරන බවත් වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරත්නම් කෞෂි නමැති තරුණියක් වන අතර

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සඳහන් .

Exit mobile version