නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තා නියෝජනයක්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක් පත් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් තීරණය කර ඇති අතර ඒ අනුව එම තනතුර සඳහා අද්මිරාල් ලීසා ෆැන්වේටී පත් කර ඇති බව වාර්තා වේ .

ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බල ඇනියේ ප්‍රධානියා ලෙසත් , දකුණු කොරියාවේ ඇමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසත් කටයුතු කර ඇති බව සඳහන් වේ.

නමුත් මෙම පත් කිරීම ඇමෙරිකාවේ සෙනට් සභාව විසින් තහවුරු කළ යුතු බවත් , ඒ සඳහා සෙනට් සභාවේ අනුමැතිය ලබා දුනහොත් අද්මිරාල් ලීසා ෆැන්චෙටී අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු බවට පත් වූ
පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බව වාර්තා වේ.

Exit mobile version