නාරම්මල මුරුතැන්ගේ ප්‍රදේශයේ ඉඩමක බුලත් කොරටුවක් සහ මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් සරුවට වගා කර තිබූ ගංජා හේනක් ඊයේ (18) නාරම්මල පොලීසිය විසින් වැටලූ බව වාර්තා වේ.
මෙම ගංජා වගා කර ඇත්තේ ඉඩම් හිමියා විසින් වන අතර ඔහු මෙම ඉඩමේ වගා කරනු ලැබූ බුලත් යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් විනාශ වූ නිසා ගංජා වගා කිරීමට තීරණය කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.
මෙම ඉඩමේ ගංජා ගස් 200ක් පමණ තිබී ඇත.
