ඇසළ පොහෝ දින නිමිති කර ගනිමින් පැවැත්වූ දන්සලක් අවසානයේ ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පහර දීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පොහෝ දින නිමිති කර ගනිමින් හසලක මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ සංවිධානය කර තිබූ දන්සලක් අවසානයේ එම දන්සලේ සංවිධායක පිරිස මත්පැන් සාදයක් පවත්වා තිබේ. එහිදී ඊට විරෝධය පල කළ පුද්ගලයෙකු හට පොරොවකින් පහර දී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ. පහර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් බව සඳහන් වේ.
