කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් .

නිවාස සාදා දෙන බව පවසා රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් සිදු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ විශේෂ විමර්ශන අංශය සහ මාලඹේ පොලිස් ස්ථානය වෙත ලද පැමිණිලි 26ක් සම්බන්ධයෙන් මිරිහාන අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු විසින් මාලඹේ ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් නිවාස සාදා දෙන බව පවසමින් පුද්ගලයින්ගේ රුපියල්  34,375,000ක මුදලක් වංචා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version