ජංගම දුරකතනය නිසා රුපියල් 37500ක දඩයක්.

මාතර කොළඹ බස් රථයක මගීන් පටවාගෙන ජංගම දුරකතනය කනේ ගසාගෙන බස් රථය ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු 37500ක දඩ මුදලක් නියම කළ බව වාර්තා වේ.

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි හර්ෂන් නානායක්කාර නැමැති 26 හැවිරිදි රියැදුරෙකුට මෙලෙස දඩ මුදල් නියම කර ඇති බව සදහන්.

වාද්දූව පොහද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 8 සහ 9 යන දෙදින තුළදීම ජංගම දුරකතනය කනේ තබාගෙන ධාවනය කළ බවට චෝදනා දෙකක් යටතේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබූ බව සදහන්.

පළමු වරදට රුපියල් දාහත් දහස් පන්සීයක් සහ දෙවැනි වරදට රුපියල් විසිදහසක් වශයෙන් දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙන් දැඩිව අවවාද කළ බව සදහන්.

Exit mobile version