පෑලියගොඩ -පෙතියාගොඩ ප්‍රදේශයේ ඊයේ (18) ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශණ ආරම්භ කර තිබේ.
පළමු මහලේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති බවට පොලිසිය පවසයි.
ගින්න හටගෙන ඇති අවස්ථාවේ නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතා පමණක් නිවසේ සිට ඇති අතර ඔවුන් දෙදෙනා පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
නිවසේ හිමිකරු ලිහිසි තෙල් බෝතල්වලට දමා අලෙවි කිරීම සිදු කර ඇති අතර එම බෝතල් ඇසුරුම් කිරීමට යාමේදී ගින්න හටගෙන ඇති බව සදහන්.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.
