නිවසක ගින්නක් – කතක් ජීවිතක්ෂයට.

ඊයේ (07) දහවල් කාලයේ කලවංචිකුඩි පොලිස් වසමේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් එම නිවසේ සිටි කාන්තාවක් පිළිස්සී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇවිදීමට නොහැකිව නිවසේ ඇඳක් මත සිටි 74 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

නිවසේ දල්වා තිබූ දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබා ගනිමින් නිදාගෙන සිටියදී මෙම ගින්න් ඇති වී ඇතැයි පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මඩකලපුව රෝහට වෙත යොමු කළ බව වාර්තා වේ.

Exit mobile version