වතු නිවාස පෙළක ගින්නක් .

බදුල්ල, යූරිවත්ත ප්‍රදේශයේ මාපාගල කොටසේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (25) රාත්‍රියේ හටගත් ගින්නෙන් එහි කාමර 07ක් විනාශ වී ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

පොලීසිය, බදුල්ල මහනගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහ‍ාය ඇතිව ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

විදුලි කාන්දුවීමක් මත ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගින්න හේතුවෙන් වතු නිවාස 09ක පදිංචිව සිටි පුද්ගලයින් 50දෙනෙකු පමණ අවතැන් වී ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version