අඹගස්දෝව පොලිස් වසමට අයත් උඩුහාවර ඇත්ඔළුව කන්ද රක්ෂිතයේ අද (19) දහවල් ඇතිවු ගින්නකින් අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ .
උඩුහාවර මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම රක්ෂිතයේ ටර්පන්ටයින් ඇතුළු විවිධ වර්ගයේ ශාක විශාල ප්‍රමාණයක් ඇති අතර පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙන බව සඳහන් .
පවතින සුළං තත්වය හා ශාක වියළී පැවතීම නිසා ගින්න පාලනය කිරීමට අඹගස්දෝව පොලිසිය, වන සංරක්ෂණ නිළධාරින් හා ප්‍රාදේශවාසින් එක්ව මහත් පරිශ්‍රමයක් ගෙන කටයුතු කළද මේ වන විටත් ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.
සතුන් දඩයම් කිරීමට හෝ වෙනයම් කාරණයක් මත මෙම ගිනි තැබීම කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි සැක පල කරන අතර අඹගස්දෝව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .
