වේවැල්වත්ත පොලිස් වසමේ ගයිරුගම ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වේවැල්වත්ත පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 හා 41ක වයස්වල පසුවන බළංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
පොලිසිය පවසන්නේ සැකකරුවන් අද (12) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වේවැල්වත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි.
