මාතර පාසලක ගිනි අවි කාමරයක්.

මාතර , මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

එම පාසල තුළ ඉදිකර තිබූ අදාළ කාමරය භාවිතයට නොගන්නා එකක් බව සඳහන් .

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයා ගෙන තිබේ .

එමෙන්ම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version