දවස් පහක බිළිඳියක් අවසන් ගමන් යයි.

බේරුවල , චීන කොටුව , කුච්චිමලේ ප්‍රදේශයේ පදිංචි මවකට මීට දින පහකට පෙරදී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී උපන් බිළිඳියක් නිවසට රැගෙන ඒමෙන් පසු හදිසි අසනීප තත්ත්වයකින් පසුවී ඇති අතර එම බිළිඳිය මව සමඟ බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

එමෙන්ම එම බිළිඳිය බේරුවල රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් සනාථ කර තිබේ.

මෙතෙක් එම බිළිඳියට නමක් තබා නොමැති අතර විවාහ වී වසර හයකට පසුව එම මවට ලැබුණු පළමු දරුවා මෙසේ මියගොස් ඇති බව සඳහන් .

Exit mobile version