ඖෂධ වලින් මිය ගිය අය ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්.

ගත වූ මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල සිදු වූ මරණ අතරින් සෞඛ්‍ය අංශයට චෝදනා එල්ල වූ මරණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර ඒ පිළිබඳව වාර්තාවක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද (17) පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෑත කාලයේ රජයේ රෝහල්වල සිදු වූ මතභේදාත්මක මරණ සියල්ල සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දීමට නියමිතව තිබෙන අතර මේ සඳහා ඖෂධ පිළිබඳව මෙන්ම ආසාත්මිකතා පිළිබඳව ද , වෛද්‍ය සහ හෙද යන අංශ පිළිබදව ද මනා දැනුමක් සහ අවබෝධයක් ඇති මහාචාර්‍යවරුන් ඇතුළු පස් දෙනෙකු අදාළ කමිටුව නියෝජනය කරන බව සඳහන් වේ.

Exit mobile version