විදුහල්පති සේවයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්‍ය ගුණපාල නානායක්කාර ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් 5 දෙනෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම කමිටුවේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විදුහල්පති සේවය ශක්තිමත් කිරීමට අදාළ පියවරයන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යොදා ගනිමින් යෝජනා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් , මෙම කමිටුවේ වාර්තාව ඉදිරි මාස දෙක තුළ දී භාර දීමට නියමිත බවත් සඳහන්.
