කටුනායක ගුවන් යානයක් මත්තලට.

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඊයේ (28) සවස 4.00 ට පමණ ඇදහැලුණු තද වැස්ස සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් මඟීන් 143 දෙනෙකු සහ කාර්‍ය මණ්ඩලය 15 දෙනෙකු රැගත්  ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ පස්වරු 5.00 ට පමණ එම ගුවන් යානය  මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන්.

Exit mobile version