දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට හරවමින් ශ්‍රී ලංකාවේ , මේ වර්ෂයේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එල් නිනෝ (EL Nino) සහ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් (Indian Ocean Dipole) යන කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම වර්ෂයේ නොවැම්බර් මස වන විට වර්ෂාපතනය වෙනදාට වඩා වැඩි විය හැකි බවත් , එම කාලයේ ගංවතුර අවදානමක් පැවතිය හැකි බවත් ය.
