කොල්ලුපිටියේ ව්‍යාජ විදෙස් රැකියා ආයතනයක් වටලයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙන බව වාර්තා වේ .

එම කාර්යාංශය සඳහන් කරන්නේ අදාළ නීතිවිරෝධී නියෝජිත ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11ක්, වෛද්‍ය වාර්තා, විදේශ රැකියා අයදුම්පත්‍ර, බැංකු රිසිට්පත් ඇතුළු ලේඛන රැසක් ද නිළධාරීන් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version