රත්‍රං සමඟ විදෙස් කතක් කටුනායකදී කොටු වෙයි.

නීතිවිරෝධී ලෙස රන් භාණ්ඩ තොගයක් රැගෙන දිවයිනට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

මෙම කාන්තාව ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර ඇයව පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 748 ක රන් භාණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අදාළ සැකකාර කාන්තාව වැඩි දුර විමර්ශන කටයුතු සඳහා රේගු නිලධාරීන් වෙත භාර දුන් බවයි.

Exit mobile version