පුංචි ශ්‍රී පාද කන්දෙන් විදේශිකයෙක් ඇද වැටෙයි.

අද (13) ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාද කන්දෙන් අඩි 100 ක පමණ ප්‍රපාතකට විදේශිකයෙකු ඇද වැටී ඇති බව වාර්තා වේ.

මෙලෙස ඇද වැටුණු විදේශිකයා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බවට බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප්  කළුපහන මහතා පවසයි.

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන 27 හැවිරිදි මෙම විදේශිකයා පුංචි ශ්‍රීපාද කන්දේ සිට හිරු උදාවේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සිය ජංගම දුරකථනයෙන් රූගත කරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන්.

Exit mobile version