දුම්රියෙන් වැටී විදේශිකයෙක් රෝහලේ.

දුම්රියෙන් වැටී නෙදර්ලන්ත ජාතිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නෙදර්ලන්ත ජාතික සංචාර කණ්ඩායමක සිටි අයෙක් මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානය සහ අඹේවෙල දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේ දී  මෙලෙස දුම්රියෙන් වැටී තුවාල ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

තුවාල ලැබූ විදේශිකයා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Exit mobile version