සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් කතකට අතවර .

සම්බාහන මධ්‍යස්ථානයක් තුළ දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයෙකු සොයා ඇල්ල පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නිවාඩුවක් සදහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති බව සදහන්.

එහිදී ඇයට අතවර සිදුකළ බවට ඇල්ල පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version