අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ .
රවී සෙනෙවිරත්න මහතා අද (29) ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී නියෝග කර ඇත්තේ නොවැම්බර් මස 01 වැනිදා දක්වා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
ඊයේ (28) රාත්‍රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළ ව ඔහු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී තිබේ .
