හිටපු පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ.

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

මොහු පොලිස් රාජකාරියේ නිරතව සිටියදී වැඩ තහනමට ලක්ව සිටි පුද්ගලයෙකි.

ඔහුගේ බිරිඳ විදෙස්ගතව සිටින අතර දරු දෙදෙනාද වෙනත් ප්‍රදේශයක වාසය කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ (08) ඔහුගේ බිරිඳගේ මව සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ කාන්තාවගේ ඥාතීන් සමග ආරවුලක් ඇතිවී තිබෙන බව සදහන්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුව එම පුද්ගලයින් විසින් මෙම පුද්ගලයාට ගසක බැඳ පහරදී ඇති බවයි.

එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි වියේ පසුවූ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version