රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 160ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ මුදල ලබාගෙන එම පොහොර ආනයනය කර නොදී අගරු චෙක්පත් ලබා දී ඇති බවට පොලීසීය සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 65 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (22)දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
