පාරිභෝගික වෙස් ගත් කල්ලියක් – පරිස්සම් වන්න.

පාරිභෝගික අධිකාරියේ ඉහළ නිලධාරියෙකු බව පවසමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වලට සහ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදෙමින් මුදල් ඉල්ලා තර්ජනය කරන බවට පැම්ණිලි ලැබී ඇති බව වාර්තා වේ.

එම නිසා කිසියම් අයෙකුට එවැනි දුරකථන ඇමතුමක් ලැබුනොත් ළඟම ඇති පොලීසියට හෝ පාරිභෝගික අධිකාරියේ 1977, 0112 445 897, 0771 088 922 යන අංක වලට දැනුම් දෙන ලෙස
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසා තිබේ.

ඒ සම්බන්ධව අදාළ පොලීසියෙහි පැමිණිල්ලක් සිදු කරන්නේ නම් අදාල දුරකථන අංකය ද එම පැමිණිල්ලට ඇතුලත් කරන ලෙසත් සියලුම ව්‍යාපාරික ආයතන හා ප්‍රාදේශීය වෙළද සංගම් සඳහා දැනුම්දී තිබේ.

Exit mobile version