ගංජා හා මත්පැන් ජාවාරම් කරුවකු අත්අඩංගුවට.

කාලයක සිට ගංජා වගා කරමින් හා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන කරමින් වෙළදාමේ යෙදුණු පුද්ගලයකු  ගලෙන් බිදුණු වැව කොකාවැව ප්‍රදේශයේදී කොකාවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කොකාවැව පොලිසිය වෙත ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුගේ නිවස හා ඉඩම පරීක්ෂා කිරීමේදී ගංජා හා නීතිවිරෝදී මත්පැන් සොයා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගංජා පැල 12ක් ගෝඩා ලීටර් 4 හමාරක් ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන අනුරාධපුර, ගලෙන් බිදුනුවැව, කොකාවැව, ගැටලාව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු අද (11) දින කහටගස්දිගිලිය අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත බව වාර්තාවේ.

Exit mobile version