ඊයේ (29) දින රාත්‍රී කාලයේ මහනුවර ප්‍රසිද්ධ හෝටලයක් තුලදී අනතුරකට භාජනයවී ජර්මන් ජාතික සංචාරකයකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
සංචාරකයා පසුගිය 25 වන දින මෙරට සංචාරය සදහා පැමිණ ඇතිබවත් ඔහු තම බිරිද හා දරුවා සමග අනතුරට පත් හෝටලයේ නවාතැන් ගෙන ඇති බවත් සදහන් වේ.
එම හෝටලය තුලදී ඔහු බිම ඇද වැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගොස් ඇති සංචාරකයා 47හවිරිදි වියේ පුද්ගලයෙකි.
