ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10 ක්.

දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ .

දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ ප්‍රකාශ කළේ ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවයි.

ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ .

Exit mobile version