ජල ටැංකියකට වැටී දැරියක් මරුට.

කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ.

තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් එම දැරිය මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සදහන්.

Exit mobile version