නිදි යහනේදීම දැරියක් මියයයි.

නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් අද (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වන පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නැමැති සිව් හැවිරිදි දැරියකි.

දැරිය සුපුරුදු පරිදි මව සමග  කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේදී දැරිය නින්දේ සිට ඇතැයි පොලීසිය පවසයි.

මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී ඇති අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීමට සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණික වී ඇති අයුරු දැනි කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර
එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට දැනුම් දී තිබේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද 1 1හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදුකරන ලදි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්තුරුන් ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතා ගේ උපදෙස් මත මේ පරීක්ෂණ පැවැත්වෙනු ඇති .

Exit mobile version